හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩු විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර මහත්මිය ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ආරම්භ විය. A මෙම නඩුව සඳහා වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන තිලක් මාරපන, අනුජ ප්‍රේමරත්න, උපුල් ජයසූරිය සහ අලි සබ්රි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියි. නීතීඥවරු 300 ක් පමණ උසාවියට එක්ව සිටී. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටින ලදී.නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන්නේ ඔහුට මෙම නඩුවාරයට නොඑන ලෙස පාතාල තර්ජන හේතුවෙනි.<
Comments
Post a Comment