අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක්''





 දීර්ඝ ඉතිහාසයක් සහිත බේකරි නිෂ්පාදන සිදු කරන ප්‍රසිද්ධ පෞද්ගලික ආපනශාලා ජාලයක කොළඹ මරදානේ ශාඛාවකින් අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක් අලෙවි කිරීම නිසා එහි හිමිකරුට එය මිලදී ගත් කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද නියෝග කර තිබේ. මරදාන ප්‍රදේශයේ පිහිටි එම ආපනශාලාවෙන් බනිස් ගෙඩියක් මිලදී ගෙන ඇති කාන්තාව එය අනුභව කරමින් සිටියදී එහි තිබූ අල්පෙනිත්තක් මුඛයේ ඇනී තිබෙයි.
පසුව සිද්ධිය පිළිබදව එහි හිමිකරු දැනුවත් කර ඇති නමුත්,

ඔහු ඇයට බැන වැදී තර්ජනය කර එම ස්ථානයෙන් පිටත් කර ඇති අතර පසුව ඇය
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී අනතුරුව  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.

එහිදී අධිකරණය ආපනශාලා හිමිකරුට මුලින්ම මෙම කාන්තාවට රුපියල් දස දහසක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇති අතර එය ගෙවා දමන්නට බැරි බව කියමින් ආපන ශාලා හිමියා වරද පිළිගෙන නැත. කාන්තාව බොරු කියන බවත් තම ජාලය අපකීර්තියට ලක්කිරීමට මෙලෙස නීතියට ගොස් ඇති බවත් ආපනශාලා හිමිකරු කොළඹ මහාධිකරණය හමුවේ වෙනත් නඩුවක් ගොනුකර තිබේ.

මෙහිදී අදාළ සියලු පාර්ශ්ව විමර්ශනයට ලක්කිරීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව අද ලබාදුන් අධිකරණය දස දහසේ වන්දිය වෙනුවට එම කාන්තාවට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ආපනශාලා හිමිකරුට නියෝග කර ඇත.

Comments

Popular posts from this blog

වික්‍රමසිංහ මහිටපු ජනාධිපති රනිල්හතාට අදාළ නඩු විභාගය

ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.