Posts

අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක්''

Image
  දී ර්ඝ ඉතිහාසයක් සහිත බේකරි නිෂ්පාදන සිදු කරන ප්‍රසිද්ධ පෞද්ගලික ආපනශාලා ජාලයක කොළඹ මරදානේ ශාඛාවකින් අල්පෙනිත්තක් සහිත බනිස් ගෙඩියක් අලෙවි කිරීම නිසා එහි හිමිකරුට එය මිලදී ගත් කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අද නියෝග කර තිබේ. මරදාන ප්‍රදේශයේ පිහිටි එම ආපනශාලාවෙන් බනිස් ගෙඩියක් මිලදී ගෙන ඇති කාන්තාව එය අනුභව කරමින් සිටියදී එහි තිබූ අල්පෙනිත්තක් මුඛයේ ඇනී තිබෙයි. පසුව සිද්ධිය පිළිබදව එහි හිමිකරු දැනුවත් කර ඇති නමුත්, ඔහු ඇයට බැන වැදී තර්ජනය කර එම ස්ථානයෙන් පිටත් කර ඇති අතර පසුව ඇය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී අනතුරුව  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. එහිදී අධිකරණය ආපනශාලා හිමිකරුට මුලින්ම මෙම කාන්තාවට රුපියල් දස දහසක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇති අතර එය ගෙවා දමන්නට බැරි බව කියමින් ආපන ශාලා හිමියා වරද පිළිගෙන නැත. කාන්තාව බොරු කියන බවත් තම ජාලය අපකීර්තියට ලක්කිරීමට මෙලෙස නීතියට ගොස් ඇති බවත් ආපනශාලා හිමිකරු කොළඹ මහාධිකරණය හමුවේ වෙනත් නඩුවක් ගොනුකර තිබේ. මෙහිදී අදාළ සියලු පාර්ශ්ව විමර්ශනයට ලක්කිරීමෙන...

ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි.

Image
  ලා ෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසා ඇත්තේ ජුලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවයි. පසුගිය අප්‍රේල් මාසයේ දී ලාෆ් ගෑස් මිල සංශෝධනය වූ අතර මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘඅහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4115ක් වනවා. 

වික්‍රමසිංහ මහිටපු ජනාධිපති රනිල්හතාට අදාළ නඩු විභාගය

  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩු විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර මහත්මිය ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ආරම්භ විය.  A මෙම නඩුව සඳහා වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන තිලක් මාරපන, අනුජ ප්‍රේමරත්න, උපුල් ජයසූරිය සහ අලි සබ්රි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියි. නීතීඥවරු 300 ක් පමණ උසාවියට එක්ව සිටී. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටින ලදී.නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන්නේ ඔහුට මෙම නඩුවාරයට නොඑන ලෙස පාතාල තර්ජන හේතුවෙනි.<  

about samadhi balasuriya

 " samadhi balasuriya " http://fast2earn.com/-94500.htm